News May 22, 2024

A protest front of sri lanka police headquarters

Share

පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා.යුද වින්දිතයින් සිහිකිරීමේදී සවුකන්ජි කැද බෙදුවාට, පසුගිය 12 රාත්‍රියේ සාම්පූර් පොලීසිය නිවෙස්වලට කඩාවැදී කාන්තාවන් තුන්දෙනෙකුට හිංසා කරමින් තවත් පුද්ගලයකු සමග අත්අඩංගුවට ගැනීමට විරුද්ධව අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන ලෙසට බලකරමින් මෙම විරෝධතාව සිදුකළා.
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ මූලිකත්වයෙන් තවත් සංවිධාන සහ ක්‍රියාකාරීන් මෙයට එක්ව සිටියා. විරෝධතාව අවසානයේ ඔවුන් විරෝධතා පෙත්සමක්ද පොලිස් මූලස්ථානයට භාර දුන්නා.
උතුර, නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කළ සහ ඝාතනයට ලක්වූවන් සිහි කිරීමට ඇති අයිතිය වෙනුවෙන් හා ජාතිවාදයට එරෙහිව විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *