News November 25, 2024

Sanctions for Shavendra, Kamal, Pillai?

Share

මනුෂ්‍යත්වයට එරෙහි බරපතල අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ LTTE සංවිධානයේ නැගෙනහිර නායකයකු වූ, තමිල් මක්කල් විඩුතලයි පුලිකල් (TMVP) පක්ෂයේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර, 2008 නැගෙනහිර පළාතේ මහ ඇමති වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ සාමය සහ යුක්තිය සදහා ව්‍යාපාරය (Sri Lanka Campaign for Peace & Justice) සම්බාධක පනවන ලෙස එක්සත් රාජධානියෙන් ඉල්ලා තිබෙනවා.
ඊට හේතුව යුද්ධය අවසන් වී දශක එක හමාරක් ගෙවී තිබුණත් කල් ගිය බරපතල මානව හිමිකම් උල්ලංඝනය වලට දඩුවම් නොලබා ඉහළ පෙළේ නිලධාරීන් ලෙස ඔවුන් දණ්ඩ මුක්තිය භුක්ති විඳිමින් සිටීමයි.
මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය විසින් මහින්ද, ගෝටාභය සහ ශවේන්ද්‍ර සිල්වා ඇතුලු කිහිප දෙනෙකුට ගෝලීය මැග්නිට්ස්කි පනත යටතේ සම්බාධක පනවන ලදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *