FOD logo
  • අනුස්මරණ බිත්තිය
  • Timeline
  • ගැලරිය
  • ප්‍රවෘත්ති කාමරය
  • සම්පත්
    • නියෝග සහ නීති සම්පාදනය
    • උපකාරක ආයතන
  • සම්බන්ධතා
FOD search
  • English
  • සිංහල
  • தமிழ்
  • අනුස්මරණ බිත්තිය
  • Timeline
  • ගැලරිය
  • ප්‍රවෘත්ති කාමරය
  • සම්පත්
    • නියෝග සහ නීති සම්පාදනය
    • උපකාරක ආයතන
  • සම්බන්ධතා
Home / Gallery / Our Stories

Our Stories

"අපිටත් වැලන්ටයින් සමරන්න තිබුනානම්….. නිමල් පත්මසිරි මහතාගේ බිරිද අදහස් දක්වමින්"

අපිටත් වැලන්ටයින් සමරන්න තිබුනානම්…..88,89 තරුණ කැරැල්ල සමයෙහි අතුරුදහන්වූ නිමල් පත්මසිරි මහතා ඒවන විට තිදරු පියෙකි

නිමල් පත්මසිරි නුවර 1990.01.19

"අතුරුදහන්වූ කපිල බන්ධුල තරුණයාගේ අතුරුදහන් දීමනාව සම්බන්ධව ඔහුගේ සහෝදරිය අදහස් දක්වමින්"

1989.09.17 දින උසස්පෙළ විභාගයට පෙනි සිට දින කිහිපයකට පසුව මිරිහාන හන්දියේ දී සුදු වෑන් රථයක් මගින් පැහැරගෙන ගොස් අතුරුදහන්කර ඇත.

කපිල බන්ධුල මහරගම,විජේරාමේ දී 1989.09.17

"සුදත් ප්‍රසන්ත සහා ධර්මසිරි ලාල් ප්‍රසන්ත තරුණයින්ගේ අතුරුදහන්වීම"

1988,1989 භීශණ කාලවකවානුව තුල විශාල වශයෙන් තරුණයින් පැහැර ගැනිම් සිදුවිය.විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කය තුල වැඩි වශයෙන් හමුදා හා නිල නොලත් රජයේ මැර සංවිධානවල මෙහෙයුම් යටතේ තරුණ තරුණියන් පැහැරගෙන ගොස් අතුරුදහන්කිරිම සිදු වූ අතරම සුදත් ප්‍රසන්ත සහා ධර්මසිරි ලාල් ප්‍රසන්ත තරුණයින් ද අතුරුදහන් විය.

සුදත් ප්‍රසන්ත සහා ධර්මසිරි ලාල් ප්‍රසන්ත මාතර දික්වැල්ලේදි 1989.08.06

"ජයමාන්න මහතාගේ අතුරුදහන්වීම"

ගල් කොරියක සේවය කරමින් ජිවිකාව ගෙන ගිය ජයමාන්න මහතා නාදුනන පිරිසක් විසින් මාලබේ ප්‍රදේශයේදි පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇත.ගල් කොරියක සේවය කරමින් ජිවිකාව ගෙන ගිය ජයමාන්න මහතා නාදුනන පිරිසක් විසින් මාලබේ ප්‍රදේශයේදි පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇත

ඩබ්.ජයමාන්න මාලබේ කහන්තොට නිවසේදි 1989.08.19

"තම දරුවන් දෙදෙනාම අතුරුදහන් වූ එමි නෝනා අම්මා මාසිකව වෙන් වු රු.6000 ඉල්ලමින්"

මාතර ප්‍රදේශයේදි කල හමුදා වැටලීමක් මගින් තරුණයන් විශාල ප්‍රමානයක් පැහැරගෙන ඇති අතර එම වැටලීමෙදි එමි නෝනා මවගේ දරුවන් දෙදෙනාම පැහැරගෙන ගොස් ඇත

එච් එම් විමල්සිරි මාතර දික්වැල්ලේදි 1989.07.27

"අතුරුදහන්වු බර්නාදූල්ගේ තුසිත තරුණයාගේ මව රු.6000 ඉල්ලමින්"

88 89 කාලවකවානුව තුල කොලඹ වානාතමුල්ලේ පදිංචිව සිටි බර්නාදුල්ගේ තුසිත තරුණයා පිරිසක් විසින් පැහැරගෙනගොස් අදට වසර තිහකටත් වඩා වැඩි කාලයක් ගතවි ඇත.ඔහුගේ මව මේ වනවිට ඉතාමත් අසරණ තත්වයට පත්වී ඇත.ඇය මේ ඉල්ලා සිටින්නේ තම අතුරුදහන්වූ දරුවන් වෙනුවෙන් වෙන්වූ මාසික මුදලයි.

බර්නාදූල්ගේ තුසිත වනාතමුල්ල 1989.09.23

"අපි ඔක්තෝබර් 27 සැමරිය යුත්තේ ඇයි?"

සෑම ඔක්තෝම්බර් 27 දිනකම අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් සීදුව රද්දොළුව ස්මාරකය අභියස අතුරුදහන්වූවන් සිහිපත් කරනු ලබයි.

කළුතර පයාගල 1989.11.20

"සුනිල් පෙරේරා මහතාගේ අතුරුදහන්වීම සම්බන්ධව ඔහුගේ සහෝදරිය පුශ්පා ලීලානි අදහස් දක්වමින්"

මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි සුනිල් පෙරෙරා මහතා 88 90 වකවානුව තුල බලහත්කාරි අතුරුදහන්වීමකට ලක්වු තවත් තරුණ ජීවිතයකි

සුනිල් පෙරේරා මහරගම පමුණුව 1989.08.14

"මාරසිංහ ආරච්චිලාගේ රුක්ශාන්තගේ අතුරුදහන්වීම"

88/89 කාල පරිච්ජේදයේ ක්‍රීඩා කරමින් එසේම රතු කුරුස සංවිධානයේ සේවය කරමින් අර්ථ්වත් ජීවිතයක් ගෙන ගිය මෙම තරුණයා යම් කිසි පිරිසක් විසින් පැහැර ගැනීම සිදු කරනු ලබයි.

මාරසිංහ ආරච්චිලාගේ රුක්ශාන්ත මට්ටක්කුලිය 1989.09.05

"මයිකල් එඩ්වඩ්ගේ අතුරුදහන්වීම"

මයිකල් එඩ්වඩ් කොලඹ ප්‍රදේශයේ ජීවත්වූ එක්දරු පියෙක් වු අතර 1989 භීශණ කාලයේදි අතුරුදහන්විය

මයිකල් එඩ්වඩ් R.B 18- මාලිගාවත්ත නිවසේදි 1989.09.04

"අනුර ප්‍රියදර්ශණ සමරතුංගගේ අතුරුදහන්වීම"

අනුර ප්‍රියදර්ශන තරුණයා ජීවත්වූ ගමෙහි පිරිසක් විසින් මෙම තරුණයා පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇත.

අනුර ප්‍රියදර්ශණ සමරතුංග වේයන්ගොගොඩ,මගලෙගොඩ නිවසේදි 1989.11.19

"ප්‍රදීප් හා සුගත්ගේ අතුරුදහන්වීම"

ප්‍රදීප් වීරසිංහ හා සුගත් වීරසිංහ යන එකම පවුලේ සොහොයුරන් දෙදෙනා 88 89 භීශණ සමයේදි පැහැරගැනීමට ලක්ව ඇත.

ප්‍රදීප් හා සුගත් වේයන්ගොගොඩ,මිහිදු මාවතේ නිවසේදි 1989.09.19

"සුනිල් ජයලත් තරුණයාගේ අතුරුදහන්වීම"

1990 වර්ශයේදි පේරාදෙණිය පොලිස් නිලධාරින් සමග නාදුනන තවත් පිරිසක් පැමිණ බිල්ලෙකු මගින් සුනිල් ජයලත් තරුණයා පැහැරගෙන ගොස් ඇත.ඔහු අද වෙන විටත් අතුරුදහන්වී ඇත

සුනිල් ජයලත් තරුණයා ගෙලිඔය කොස්හින්න 1990.01.13

"සංජීව දීපාල් තරුණයාගේ අතුරුදහන්වීම"

ගම්පහ පොලීසියෙන් පැමින සංජීව දීපාල් තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු අතුරුදහන් කර ඇත

සංජීව දීපාල් වේයන්ගොගොඩ,බණ්ඩාරණායකපුර,නිවසේදි 1989.12.18

"ජමාල්ඩීන් ඩිලාන් තරුණයාගේ අතුරුදහන්වීම"

2007 වර්ශයේදී නාවික හමුදාවේ කප්පම් කල්ලියක් විසින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුව අද දක්වා විභාග වන්නකි.එම සිද්ධියේ එක් වින්දිත පාර්ශවයක් ලෙස ජ්ම්මාල්ඩීන් ඩිලාන් තරුණයා හදුනාගත හැකිය.කෙසේ නමුත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නගොඩද මෙම නඩුවේ එක් චූදිතයෙකි

ජමාල්ඩීන් ඩිලාන් කොල්ලුපිටිය 2008.09.18

"ජයරත්න සේනානායක මහතාගේ අතුරුදහන්වීම"

88,89 වකවානුව තුළ ශ්‍රි ලංකාවෙහි සිදුවූ සිවිල් අරගලය තුළ 1989.11.20 දින අතුරුදහන්වීමකට ලක්වු තවත් එක් රාජ්‍ය සේවකයෙකු ලෙස මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි වූ ජයරත්න සේනානායක මහතා හැදින්විය හැක

ජයරත්න සේනානායක පේරාදෙණිය පොලිසිය අසලදී 1989.11.20

"වට්ටෝරුතන්ත්‍රිගේ ජයතිලකගේ සහෝදරියගේ අදහස්"

කොස්හින්න ගෙලිඔය පදිංචි ජයතිලක තරුණයා පොලිස් නිල ඇදුම් ඇදි නාදුනන පිරිසක් විසින් බලහත්කාරි ලෙස පැහැරගෙනගොස් අතුරුදහන්කර ඇත

වට්ටෝරුතන්ත්‍රිගේ ජයතිලක තරුණයා ගෙලිඔය කොස්හින්න 1990.01.13

"වන්නිඅරච්චිගේ දොන් අජිත් ලක්ෂ්මන්"

1988/1989 භීශණ කාලවකවානුව තුල විශල තරුණයන්ගේ ජීවිත කප්පදුවක් සිදුවිය.අජිත් ලක්ෂ්මන් එහි එක් තරුණ ජීවිතයකී.නිවස අවට පල්ලියේ මංගල්‍ය සදහා සැරසිලි කටයුතු කිරිම් අතරතුර තම ගමෙහි කිහිපදෙනෙකුගේ මගපෙන්වීම මත හදුනානොගත් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇත

වන්නිඅරච්චිගේ දොන් අජිත් ලක්ෂ්මන් ගම්පහ පතඟිගොඩැල්ල පල්ලියේදි 1989.10.21

"යු පී විමලනාථ මහතාගේ අතුරුදහන්වීම"

88 89 භීශණ කාලවකවානුව තුල හමුදා සහා පොලිස් වැටලීම් හමුවේ අතුරුදහන්වූ පුද්ගලයෙකු ලෙස විමලනාථ මහතා හදුනා ගත හැකි අතර එවන විට ඔහු තිදරු පියෙකු විය.ආර්ථික ගැටළු හමුවේ විමලානාථ මහතාගේ බිරිද මැදපෙරදිග රැකියාවකට ගොස් තිබු අතර එම කාල සීමව තුල මෙම අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ දීමට විමලනාථ පවුලට සිදුවිය

U.P Wimalanatha මීරිගම,බොරුක්ගමුව නිවසේදි 1989.12.15

"කුසුම්සිරි ද සිල්වා"

කුසුම්සිරි ද සිල්වා විශ්ව විද්‍යාලීය උපාධිදාරියෙකු වන අතර එක්දරුවෙකුගේ සහා ආදරණීය භාර්‍යාවකගේ ස්වාමිපුරුශයෙකු විය.රාත්‍රියේදී පිරිසක් නිවසට පැමින ඔහුත් ඔහුගේ මල්ලීත් පැහැරගෙන ගොස් ඇත.මේ ඔහුගේ අදුරු කථාවයි.

කුසුම්සිරි ද සිල්වා ජා ඇල කුසුම්සිරිගේ නිවසේදි 1983.11.11

Sorry! No result to display.

අපගේ පුවත් පත්‍රිකාව හා එක්වන්න

අපගේ මෙහෙවර පිළිබඳ නවතම කථා සහ පුවත් ලබා ගන්න, ඔබට වෙනසක් කළ හැකි ක්‍රම ගැන සොයා බලන්න.

34/2, කොටා පාර,
බොරැල්ල, ශ්‍රී ලංකාව
+94763603730
fodlanka@gmail.com
  • ගැලරිය
  • අනුස්මරණ බිත්තිය
  • සම්බන්ධතා

Copyright © FOD

Terms of service Privacy Policy

Made by Saberion