National November 25, 2024

“වින්දිතයන්ට සාධාරණය, අපරාධකරුවන්ට දඩුවම”

Share

ගෙවුණු අඩ සියවසක කාලය තුළ ප්‍රචණ්ඩත්වය වැපිරූ, අපරාධ රාජ්‍ය ගොඩනැගූ දේශපාලකයන්ම ඔවුන්ගේ දේශපාලන වේදිකා උඩ සාධාරණත්වය දේශපාලන සටන් පාටයක් කරගත්තා. නමුත් ඔවුන් ගොඩ නැගූ පාලනය තුළ ඒ කිසිවක් ඉටුකළේ නෑ. අපරාධවලට සම්බන්ද අයම සාධාරණය ගැන කතා කරන කොට, ඔවුන්ට බලය ගන්න උදවු කළ අය ඔවුන් රැවටුවා විතරක් නෙවේ, ඔවුන්ගේ ශ්‍රමය, සම්පත් හා හැකියාවන් සූරගෙන ඔවුන්ගේ පවුරුෂයන්ට හානි කළා.
ඒ ගැන සංවේදීත්වය අද දින ජනාධිපති විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අන්තර්ගත වීම වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දුන් ගරුත්වයකි. එය මින් පෙර කිසිදු ජනාධිපතිවරයෙකු නොකළ ප්‍රකාශයකි. වින්දිතයින්ට ගරු නොකළද අගවුරව නොකර ඉන්න මීට පෙර හිටපු ජනාධිපතිවරන්ට තිබුණා. ගරු නොකළට කමක් නැති මුත් ඔවුන් වින්දිතයින්ට අගවුරව නොකර සිටියේද නෑ. ඔවුන් වින්දිතයින්ට, ඔවුන්ගේ පවුල්වලට ද්වේශසහගත දේවල් සිදුකළා. ඝාතන සහ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන විත්තිකරුවන්ව ආණ්ඩුකාර, තානාපති, අමාත්‍යංශ ලේකම්, උපදේශක ලෙස රජයේ ඉහළ තනතුරුවලට පවා පත්ළා. අපරාධකරුවන්ට ජනාධිපති සමාව ලබා දුන්නා.
නමුත් ජනාධිපති අනුර කුමාර දිසානයාක අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ කතාවේ වින්දිතයින්ට යුක්තියත්, අපරාධකරුවන්ට දඩුවමත් ලබාදීම මේ ජනවරමේ ඉදිරියෙන්ම තිබෙන අපේක්ෂාවක් බව රට හමුවේ නිර්භීතව ප්‍රකාශ කළා.
"මියගිය අයගේ, ඉතිරිවූ ඥාතීන්ගේ ප්‍රකාශන, ඝාතනයට ලක්වූවන්ගේ මිතුරන්ගේ අදෝනාව මේ ජනවරමේ තිබෙනවා. එයට අපි යුක්තිය ඉටු කරන්නේ නැත්නම් කවුද ඉටු කරන්නේ? කාටද ඒක භාරදෙන්නේ? අපි මේ දේ ඉටු කරන්නේ නැත්නම්, යුක්තිය සාධාරණය පිළිබදව මේ රටේ සිහින මැරෙනවා. එහෙම වුණොත් හීනෙකින්වත් ආයේ අපේ රටේ යුක්තිය සාධාරණත්වය පිළිබදව ජනතාව තුළ බලාපොරොත්තුවක් ඇතිවේවි කියා මම විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා යුක්තිය සහ සාධාරණත්වය මේ රට තුළ යළි ස්ථාපිත කළ යුතුයි.. නීතියේ විධානයේ ආධිපත්‍ය සහතික විය යුතුයි. ජනාධිපතිවරයා ලෙසත්, ආණ්ඩුව ලෙසත් අපි මේ නීතියට යටත්. කිසිදු දේශපාලකයෙක් හෝ අධිකාරි බලයක් තිබෙන කිසි කෙනෙක් මින් පසුව නීතියට උඩින් සිටින්නේ නෑ".

Leave a Reply

Your email address will not be published. Required fields are marked *