National April 8, 2025

මට හිතුණේ මේ යන්නේ මගේ අවසාන ගමන කියලා

Share

උඩු පිහිල්ල ගම වටකරලා කොල්ලන්ව අරන් ආව දවසේ මාව කාපට් එකක ඔතලා, ගැටගහලා, සුදු වෑක් එකක දාගෙන යනකොට මට හිතුණේ මේ යන්නේ මගේ අවසාන ගමන කියලා. මාතලේ තානායමේ තිබ්බ වදකාගාරයට අරන් ගිහින් මාව ලිහා දැම්මා. ඒ වෙලාවේ අපේ ගමේ අමරසේන එතන ඉන්නවා දැක්කා. අමරසේන හිටියේ සම්පූර්ණයෙන්ම නිරුවත් කරලා. එයාගේ ශිෂ්ණයට යකඩ වලල්ලක් දාලා, වයර් දෙකක් ඇදල විටින් විට කරන්ටෙක වද්දනවා. එක වදකයෙක් අමරසේනගේ අතට කඩුවක් දුන්නා, මගේ අතට මන්නෙයක් දීලා, "තොපි දෙන්නා කොටාගනියවු" කිවුවා. අපි දෙන්නා පාරවල් වලක්වා ගෙන ටික වෙලාවක් හිටියා. ලාල්, ජූඩ්, හේරත් කියන ආමි ඉන්ට් එකේ තුන්දෙනා එතන හිටියා. ලාල් මගේ ඉස්සරහම අමරසේනගේ බෙල්ල කැපුවා. "උබ ජේ.වී.පී නෙවේනම් මේකගෙ ලේ බීලා පෙන්නපිය" කිවුවා".
සිසිර තඩිකාර
වදහිංසාවට ලක්වූවන්ගේ එකතුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *