May 19, 2025

දිස්ත්‍රික් හමුව – බදුල්ල

Share

දිස්ත්‍රික් හමුව - බදුල්ල
"1996 ජනාධිපති පරීක්ෂණ කොමිසම - ආපසු පැමිණි රැදවියන්ගේ ලැයිස්තුව", එහි 384 දෙනෙකු පිළිබදව සදහන් වී තිබුණා. ඒත් මේ වකවානුවේ පැ#හැරගෙන, ව@දබන්දනවලට ලක්වූ, නමුත් නමක්, ගමක්, පැමිණිල්ලක් නැති වින්දිතයින් දහස් ගණනින් සිටින බව අපට නිරීක්ෂණය වුණා.
ඒ අනුව තමයි කොළඹට කළ කැදවීමෙන් පසු ව#දහිංසාවට ලක්වූවන්ගේ එකතුව ගොඩනගා, එහි ජාතික කමිටුව මගින් දිස්ත්‍රික් මට්ටමේ සාමාජිකයින් එකතු කිරීමේ කටයුත්ත ආරම්භ කළේ. පසුගිය මාස දෙක තුනේදී ඔවුන් බොහෝ දෙනෙකු පිළිබදව තොරතුරු සහ සම්බන්ධතා ජාලය ගොඩ නැගීමට අපට හැකිවුණා.
2025.05.18 බදුල්ල සෙනරත් පරණවිතාන ශාලාවට රැස්වූ ඔවුන් 1987-93 කාල වකවානුවේ මුහුණ දුන් ඒ ව#ද වේදනා, මාරාන්තික අත්දැකීම් සමග එවකට බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ව&ද කදවුරු පැවති ස්ථාන සහ ඇසින් දුටු සාක්ෂි සමග බොහෝ තොරතුරු වාර්තා කළා.
ඒ අනුව, ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමග මේ පිළිබදව සාකච්ජා කිරීමටත්, යෝජනාවලිය ඉදිරිපත්කර 87-93 කාලයේ එවකට රජය සහ ඔවුන්ගේ ඝා#තන කල්ලි විසින් පැහැරගත්, වදහිංසාවට ලක්කළ, ඝාතන සහ අතුරුදහන් කළ වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය, සාධාරණය සහ වන්දිය පිළිබද රජයේ ක්‍රියාවලියට අදාළ මූලික කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය දායකත්වය ලබාදීමට සැලසුම් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *