ජාතිවාදයට යළි ඉඩ නොතබමු..! සවු කන්ජි පොල් කට්ටක් සමග මනුෂ්‍යත්වය බෙදා ගනිමු..!
ජාතිවාදයට යළි ඉඩ නොතබමු..! සවු කන්ජි පොල් කට්ටක් සමග මනුෂ්‍යත්වය බෙදා ගනිමු..!
"යුද්ධයේ අවසන් අධියර", සියලු භේද පසෙකලා හදවතට එකගව හිතුවොත් එය මනුෂ්‍යත්වයේ අවසන් මොහොතද විය.
මුල්ලිවයික්කාල් මුහුදු තීරය දෙසින් ~LT&TE සටන්කාමීන්, ගොඩබිම දෙසින් හමුදා සේනාංක, මේ දෙකට මැදිවූ දහස් ගණනින් නිරායුද, දමිළ සිවිල් වැසියන්. දෙපැත්තේම වෙ&ඩි උන්%ඩවලින් පසාරු වුණේ ඒ අහිංසක මිනිස් ජීවිත. අවසන් කාලයේ කන්න දෙයක් නැතුව, දරුවන් බඩගින්නේ, TV එකෙන් ඇහෙන වෙ%ඩි හඩට වඩා යු$දබිමේ වෙ%ඩි හඩ අතර ලොකු වෙනසක් තියෙනවා සහෝදරයා. දරුවන් කෑමෝර දෙද්දී අවසන් හාල් මිටත් තම්බාගෙන ලුණු එක්ක ඔවුන් සවු කන්ජි බිවුවේ කදුලු එක්කයි. එකිනෙකා අහිමි වෙද්දී දෙවියන්වත් ඔවුන් දෙස බැලුවේ නෑ.
ජේ.ආර්, රනිල්, ප්‍රේමදාස - චන්ද්‍රිකා, මහින්ද, ගෝටා. බලය රැකගන්න මිනිස්සු ඝා&තනය කරන්න, අ%තු&රුදහන් කරන්න විතරක් ඔවුන්ට ජාතිවාදය අදාළ වුණේ නෑ. 87-89 කාලේ දකුණේ 60000කට එහා අ:තු&රුදහන් කළ අරගලකරුවන් ග්‍රාමීය සිංහල තරුණ තරුණියන් බව අමතක නොකරන්න!
උතුරේත්, දකුණේත් ම&රාදැමූයේ, අ%තු&රුදහන් කළේ අපේම මිනිස්සු.
අද උතුරේ, දකුණේ හඩා වැලපෙන, විලාප දෙන අම්මලාගේ කදුලු කදුලුමයි. ඒ කදුලුවලට මොකටද භේදයක්, වෙනසක්.
"හැමතනැම මැරුණෙත් දරුවෝය අම්මේ - හැතැනම මැරුවෙත් දරුවෝය අම්මේ"
එහෙම ලියපු ජන්දරේත් අවසානේ අ$තු&රුදහන් කරපු රටක තමයි අපි තාමත් ජීවත්වෙන්නේ මිත්‍රයා.
මනුෂ්‍යත්වය, සහෝදරත්වය අ%තු&රුදහන් නොකරමු..!
මියගිය ඥාතීන් සිහි කිරීම කාගේත් අයිතියක්..!
එය මානව ශිෂ්ටාචාරයෙ මුල ඉදන් මිනිස්සු විසින් මිනිස්සු වෙනුවෙන් පැවතගෙන ආ ශිෂ්ටත්වයේ, මනුශ්‍යත්වයේ වටිනා අංගයක් බව අවබෝධ කරගනිමු..!