අතුරුදහන්වූවන්ගේ පවුල් සදහා වන අතුරු සහන දීමනාව ගෙවීම සහ පරීක්ෂණ කාර්යක්ෂම කිරීම සදහා
අමාත්‍ය හර්ෂණ නානයක්කාර සහෝදරයා
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය
අතුරුදහන්වූවන්ගේ පවුල් සදහා වන අතුරු සහන දීමනාව ගෙවීම සහ පරීක්ෂණ කාර්යක්ෂම කිරීම සදහා
2024 නොවැම්බර් අයවැයෙන් අතුරුදහන් පවුල් සදහා අතුරු සහන දීමනාව ලබාදීමට රුපියල් මිලියන 14ක මුදලක් වෙන්කර ඇත.
මේ අනුව එම පවුල් 5000 සදහා ලක්ෂ 2 බැගින් ගෙවීමට හැකියාව තිබුණත් පහුගිය මාස 6ක කාලය තුළ එය ලබා දීමට රජය කටයුතුකර නැත.
නව අයවැය සදහා ඇත්තේ තව මාස මාස 6ක පමණ කාලයක් පමණි. අතුරු සහන දීමනාව සදහා වෙන්කර තිබෙන එම අරමුදල ඉදිරියටත් භාවිතා නොකළහොත් එම මුදල් ආපසු හරවා භාණ්ඩාගාරයට යැවීමට සිදුවනු ඇත.
2023/24 වර්ෂවල මේ සදහා රුපියල් මිලියන 1000 ක මුදල සම්පූර්ණයෙන් භාවිත නොකළ නිසා මිලියන 200 ක ආසන්න මුදලක් භාන්ඩාගාරයට ආපසු හරවා යැවීමට සිදුවිය.
මෙවර එම මුදල් සම්පූර්ණයෙන් භාවිත කිරීමට අවශ්‍යනම් මෙතැන් සිට මසකට පරීක්ෂණ 1000ක් පමණ පැවැත්විය යුතුය.
අපට දැනගැනීමට ලැබුණ පරිදි මාස 6ක් ගතවී ඇතත් මේ වනතුරු එකදු පරීක්ෂණයක්වත් අතුරුදහන් තැනැත්තන් පිළිබද කාර්යාලය (OMP) විසින් පවත්වා නැත.
මෙයට ප්‍රධානම හේතුව මෙම පරීක්ෂණ පැවැත්වීම සදහා අවශ්‍ය අනුමැතිය ඉල්ලා අධිකරන අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා මේ දක්වා කැබිනට් මණ්ඩලය විසින් අනුමත නොකිරීමයි.
තවද, අගමැති සහෝදරිය, විදේශ කටයුතු අමාත්‍ය සහෝදරයා පාර්ලිමේන්තුවේදී සහ මානව හිමිකම් කොමිසමේදිත් ප්‍රකාශ කළේ අතුරුදහන්වීම් පිලිබදව කටයුතු කිරීමට ජාත්‍යන්තර මැදිහත්වීම් අනවශ්‍ය බවත් ඒ සදහා දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කරන බවත්ය.
එසේ ප්‍රකාශ කළත් නව ආන්ඩුව බලයට පත්වූ පසුව අතුරුදහන් තැනැත්තන් පිලිබද කාර්යාලය ශක්තිමත් කිරීමට මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොතිබීම කණගාටුවට කරුණකි.
උදාහරන වශයෙන් OMP යට නිසිලෙස ක්‍රියාකිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය 250කට ආසන්න වන අතර එහි ඇත්තේ 49 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් පමණි. අලුතින් බදවා ගැනීම සදහා ඉල්ලුම්පත්‍ර කැදවා තිබුණද එම බදවාගැනීම් සදහා රජයෙන් මෙතෙක් අවසර ලබා දී නැත.
තම සාමාජිකයින් බහුතරයක් අතුරුදහන්වී ඇති මෙම ආණ්ඩුව ඔවුන් වෙනුවෙන් OMP ය ශක්තිමත් කිරීමට සහ මෙම අතුරු දීමනා ගෙවීම සම්බන්දයෙන් උදාසීනත්වයක් දක්වයි.
කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මාස ගණනක් ගතවීම කිසිසේත් සාධාර්ණීකරණය කළ නොහැකිය.
එබැවින් අප ඉල්ලා සිටින්නේ,
01. රුපියල් ලක්ෂ 2 දීමනාව ගෙවීම සදහා OMP පරීක්ෂණවලට අවශ්‍ය කැබිනට් අනුමැතිය ඉතා ඉක්මනින් ලබාදෙන ලෙසත්
02. ඉදිරි මාස 6 තුළ පරීක්ෂණ 5000ක් පවත්වා එම පවුල්වලට අතුරු දීමනාව ලබාදීමට අදාල නිර්දේශ හාණිපූර්ණ කාර්යාලයට යොමු කිරීමට OMPයට මැදිහත්වන ලෙසත්
03. ඒ අනුව පසුගිය අයවැයෙන් මේ සදහා වෙන්කළ මුළු මුදල එම පවුල්වලට ගෙවීමට පියවර ගන්නා ලෙසත්
04. OMP සදහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බදවා ගැනීමට කටයුතු කරන ලෙසත් ය.
අපගේ ඉල්ලීම් සදහා ගන්නා වූ මැදිහත්වීම් පිළිබදව අපවද ලිඛිතව දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටිමු. තවද අවම වශයෙන් ජුනි 10ට පෙර OMP පරීක්ෂණ සදහා අවශ්‍ය කැබිනට් අනුමැතිය OMP යට ලබාදීම සදහා කෙසේ හෝ මැදිහත් වනලෙස ඉල්ලා සිටිමු.
බ්‍රිටෝ ප්‍රනාන්දු
සභාපති
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව
පිටපත්:
1 ජනාධිපති සහෝදරයා
2 අගමැති සහෝදරිය
3 විදේශ කටයුතු අමාත්‍ය සහෝදරයා
4 අතුරුදහන් තැනැත්තන් පිළිබද කාර්යාලය
5 හානිපූර්ණ කාර්යාලය
6 ජාතික ඒකාබද්ධ සහ සංහිදියාව කාර්යාලය
7 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
8 ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සහෝදරයා