මෙහෙම වෙන්නෙ ඇයි..?
මෙහෙම වෙන්නෙ ඇයි..?
වෙනදා වගේම මේ 21 වෙනිදත් මීගමුව, බාල්දි හංදියට පිරිසක් එකතු වුණා. ඔවුන් වෙනදා වගේම පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සත්‍ය හෙළිදරවු කරන ලෙසත් යුක්තිය ඉටුකරන ලෙසත් ඉල්ලා සිටියා.
ඒත් වෙනදා වගේ නෙවේ, ඒ සුපුරුදු සටන් පාඨ අතර මේ සැරේ අලුත් සටන් පාඨයක් තිබුණා. අලුත් සටන් පාඨයක් කිවුවට මේක ලංකාවේ සිදුවූ මහා පරිමාණ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය යට යද්දී වින්දිතයින්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙන සටන් පාඨයක්. ඒක දරුණුයි වගේ, සදාචාර සම්පන්න නෑ හෝ හුදු ආගමික විශ්වාසයක් මත එන සටන් පාඨයක් කියලා බොහෝ දෙනෙකුට හිතෙන්න පුලුවන්. නැතිනම් විසදුමක් නැති තැන වින්දිතයින් දිගින් දිගටම වින්දිතභාවයට පත්වීමේ පීඩාව, හුදෙකලාව, අවිනිශ්චිත භාවය නිසා,
"අපරාධකරුවනි, ඝාතකයිනි, තොපිට ශාපවේවා"
කියනවා ඇරෙන්න, අධිකරණයෙන්, රජයෙන් යුක්තිය නොලැබෙයි කියා සිතන විට ස්වභාව ධර්මයෙන් හෝ තමන් අදහන, විශ්වාස කරන ලබ්ධියක් මගින් යුක්තිය ඉල්ලා සිටීමක් නේද?
ඒ කියන්නේ මහා පරිමාණ අපරාධවලට යුක්තිය ඉටු කිරීමේ විශාල ජනතා වරමකින් බලයට පත්වුණු ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් වත් මේ පාස්කු ඉරුදින ප්‍රහාරයට සත්‍ය, යුක්තිය ඉටු වෙන්නේ නෑ කියලා ඔවුන්ට දැනෙන හැගීම නොවේද මේ සටන්පාඨයෙන් කියන්නේ.