News August 24, 2025

“Who is Lasantha” – ගෝටාභය රාජපක්ෂ බබා..

Share

මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ මාධ්‍යවේදීන් අතුරුදහන් කරවීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන එක් පුද්ගලයෙක් තමයි ගෝටාභය රාජපක්ෂ. ඔහු 2005-2015 කාලය තුළ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළේය. ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවේදියෙක් වරක් ගෝටාභයගෙන් ප්‍රශ්ණයක් ඇසුවා. ගෝටාභය එයට උත්තර දුන්නේ "Who is Lasantha?" "ලසන්ත කියන්නේ කවුද?" කියා මාධ්‍යවේදියාගෙන් ප්‍රති පශ්ණයක් අසමින්. පුදුමයට කරුණ නම් සිය වැඩිමහල් සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ, තමන් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ආණ්ඩුවේ වංචා, දූෂණ සහ අපරාධ ගැන දිගින් දිගටම හෙළි දරවු කිරීම නිසාම වඩාත් ප්‍රචලිත වූ, රටම දැනසිටි Sunday Leader ප්‍රධාන කර්තෘ ලසන්ත ගැන ආරක්ෂක ලේකම් ගෝටාභය නොදන්නවා වගේ රගපෑමයි. ඊටත් වඩා ලසන්තගේ ඝාතනය ගණන් නොගැනීමේ ඇගවුමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *