National June 13, 2025

නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සමට මොකද වෙන්නේ..?

Share

නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සමට මොකද වෙන්නේ..?
නිලන්ත ජයවර්ධන, රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානි. ඔහුට එරෙහිව පාස්කු ප්‍රාහාරය සම්බන්ධයෙන් මේ වනවිට චෝදනා රාශියක් එල්ල වී තිබෙනවා. පාස්කු ඉරුදින ප්රහාරයක් එල්ලවීමට නියමිත බව දැන දැනත්, ඒ පිළිබදව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම අපරාධය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ හා සාමායික කේන්ද්රයේ අධ්යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ඉරුදින ප්රහාරයේ වින්දිතයකු වන සුරාච් නිලංග විසින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත්කර තිබුණා.
එම පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 14 වන දා පෙට්සම කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.
මීට පෙරද නිලන්ත ජයවර්ධනට ශ්රේෂ්ඨාධිකරණය නියම කළ පරිදි පාස්කු ප්රහාරයේ වින්දිතයින්ට මුදල්වලින් වන්දි ගෙවීමට සිදුවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *