නීතියට අපේ දුක නොදැණුනට නීති ශිෂ්‍යයෝ අපිව තේරුම් ගත්තා..
නීතියට අපේ දුක නොදැණුනට නීති ශිෂ්‍යයෝ අපිව තේරුම් ගත්තා..
අපි මේ පළවෙනි වතාවට තමයි ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ආවේ. ඒ අපි කාගෙවත් දරුවෙක් භාර දෙන්න නෙවේ. අපි ගියේ නීතිය හදාරන ඒ දරුවන්ට අපේ කතාව කියන්න. එදා හමුදාවට, පොලිසියට, කදවුරුවලට භාර නොවුණනම් අපේ දරුවොත් මේ විද්‍යාලයෙන් ඉගෙන ගෙන පිටවෙලා යන්න තිබුණා.
ඒත් එහෙම වුණේ නෑ. එදා මේ රටේ නීතියක් තිබුණෙ නෑ. ලෝකේ බරපතලම අපරාධය මිනිහෙක්ව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වුණත් 2018 ට කලින් මිනිස්සු අතුරුදහන් කරන එක බරපතල අපරාධයක් කියලා පිළිගත්ත නීතියක් අපේ රටේ තිබුණේ නෑ. හැබැයි අධිකරණ අවසරයක් නැතුව මාස තුනක් බලහත්කාරයෙන් රදවාගෙන ඉන්න පුලුවන් කියන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නම් තිබුණා, තාමත් තියෙනවා. අපේ ආදරණීයයන් අතුරුදහන් කරපු, ඝාතනය කරපු අයව රදවගෙන ප්‍රශ්ණ කළේ නෑ විතරක් නෙවේ අපරාදවලට සම්බන්ධ ආරක්ෂක අංශවල අය නීතියට කොටු කරන්න බැරි වෙන්න වගකීමෙන් නිදහස් කිරීමේ පනත කියලා එකක් නම් ක්‍රියාත්මක කළා. ඒ නිසා වෙන්න ඇති පැමිණිලි කරන්න අපි පොලිසියට ගියත් ඒ කාලේ පොලිසිය අපේ පැමිණිල්ලවත් ලියාගන්න නැතුව ඇත්තේ.
මේක ලෝකෙන් උතුම්ම රට කියලා ගොඩක් අය කිව්වට ලංකාව කියන්නේ අතුරුදහන් කිරීම් අතින් ලෝකේ දෙවෙනියට ඉන්න රට. ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිව්වට දැනට සමූහ මිනීවලවල්ම 24ක්, තව කීයක් නම් මතුවෙයිද දන් නෑ. මේවා හාරනවා දකිනකොට මගේ කෙනත් මේ කොහේහරි තැනක හොරට වලලලා ඇති කියලා අපි කාටත් හිතෙනවා. මැරෙන්න කලින් අපේ එවුන්ට මොකද වුණේ, කවුද එහෙම කළේ කියන ඇත්ත අපට දැනගන්න ඕන. අපි වන්දි ඉල්ලන්නේ මාලිගා හදන්න නෙවේ, වන්දිය කියන්නේ වින්දිතයගේ අයිතියක්. එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා රජයෙන් පිළිගන්නවා කියන එක.
2018 ගෙනාපු නීතියෙන් අවුරුදු 35කට කලින් කරපු දේට දඩුවම් දෙන්න බෑ. එහෙම බැරි නිසයි අපි ඒකට විශේෂිත වූ නීතිමය ආවරණයක් ඉල්ලන්නේ. වැරදි කරපු අය කොහොම හරි නීතියට යටත් කරන්න මිසක් අපි ඉල්ලන්නේ ඒ අයව අතුරුදහන් කරන්න හරි මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න හරි කියලා නෙවේ. ඒ දෙකටම අපි විරුද්ධයි. මොකද ඒ අය මේ අපරාද කළාට, කවුරුත් ඒ අයට මේ අපරාදය කරන්න ඕන නෑ. අපිට ඕන අපිට කරපු මේ අපරාදය නැවත මිහිපිට කිසිම මිනිහෙකුට සිද්ධ නොවෙන තැනට සියලු දේ හැදෙන්න විතරයි. කොටින්ම අතුරුදහන් කිරීම් නැවත කිසි දිනෙක සිදු නොවන්නට ඕන කරන වගවීමේ ක්‍රමවේදයක් ඇති කරන්න. ඒ නිසයි අවුරුදු 35ක් ගිහිල්ලත්, ලැබුණු කිසිම දෙයක් නැතුවත් අපි මේක අල්ලගෙන ඉන්නේ.
අපිව තේරුම් අරන් අපිත් එක්ක එකතුවෙලා මේ සමාජ වගකීම ගැන නීති විද්‍යාලය ඇතුළේ කතා කරන්න ඉඩ හදල දුන්න ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය සහ පාලනාධිකාරියට අපි ස්තූතිවන්ත වෙනවා.