කැණීම් කටයුතුවලදී මළ සිරුරු 05ක අයත් අස්ථි කොටස් කිහිපයක් හමුව තිබේ.
ස්ථානය: යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමියට යාබදව
⛔ සිදුවීම: සංවර්ධන කටයුත්තක් අතරතුර එහි කම්කරුවන්ට අහඹු ලෙස මිනිස් අස්ථි කිහිපයක් හමුවීම.
⛔ පැමිණිල්ල: සිද්ධිය සම්බන්ධයෙන් සංවර්ධන කටයුතු භාරව සිටි නිළධාරින් විසින් යාපනය පොලිස් ස්ථානය දැනුවත් කර ඇත.
⛔ අධිකරණ නියෝගය: යාපනය පොලිසිය එම ඉදිකිරීම නවතන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටි අතර එම ඉදිකිරීම සම්පූර්ණයෙන්ම නවතා ඉදිරි පරීක්ෂණ ලෙස කැණීම් සිදුකිරිමට නියෝගයක් නිකුත් කරන ලදි.
⛔ කැණීම් කටයුතු: අදාළ ස්ථානය මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කර, විශේෂඥ පිරිසකගේ අධීක්ෂණය යටතේ කැණීම් කටයුතු ආරම්භ කෙරුණි.
⛔ 2025.06.02 දින සිදුකළ කැණීම් කටයුතුවලදී මළ සිරුරු 05ක අයත් අස්ථි කොටස් කිහිපයක් හමුව තිබේ.
සැ.යු:- දැනට මෙම අස්ථි කොටස් කාගේද? කුමන කාලයකට අයත්ද? සාමාන්‍ය මිහිදන් කිරීමක්ද? නැතිනම් අපරාධයකට යටත් කිරීමකින් පසු නීතියට පිටින් සහ පවුලේ ඥාතීන්ට සගවා සිදුකළ බැහැර කිරීමක්ද යන්න අණාවරණය කරගෙන නොමැත.
ඒ සදහා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය, අධිකරණ පුරාවිද්‍යා පරීක්ෂණය සහ කාල නීර්ණය සදහා කාබන් කොපි පරීක්ෂාව සිදුකළ යුතුව තිබේ.