මසූඩ් ජන්ජුවා සහ ෆයිසාල් ෆරාස්ගේ අතුරුදහන් කිරීම, සත්‍යය සහ යුක්තිය සඳහා වූ නොනවතින අරගලය පිළිබඳ වසර 20 ක්.
මසූඩ් ජන්ජුවා සහ ෆයිසාල් ෆරාස්ගේ අතුරුදහන් කිරීම, සත්‍යය සහ යුක්තිය සඳහා වූ නොනවතින අරගලය පිළිබඳ වසර 20 ක්.
"මසූඩ් සහ ෆයිසාල්ගේ අතුරුදහන් වීම හුදකලා සිදුවීමක් නොවේ. එය පකිස්ථානය පුරා රාජ්‍ය අනුග්‍රහය ලත් පැහැරගැනීම්වල විනාශකාරී සහ පුළුල් වන රටාවක ආරම්භය සනිටුහන් කළේය. ඔවුන්ගේ නඩුව වර්ධනය වන ව්‍යාපාරයක මුහුණුවර බවට පත්විය. 2025 ජූලි වන විට, CoIoED නඩු 10,592 ක් ලියාපදිංචි කර ඇති අතර, මෙම වසරේ මුල් භාගය තුළ පමණක් නව වාර්තා 125 ක් ලැබී ඇති අතර, එය අර්බුදය අඛණ්ඩව පවතින බවට පැහැදිලි ලකුණකි".
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව (ශ්‍රී ලංකාව) වන අපි, ස්වේච්ඡා නොවන අතුරුදහන්වීම්වලට එරෙහි ආසියානු සම්මේලනය සමග මානව හිමිකම් සංවිධාන ලෙස, බලාපොරොත්තු සුන්වීමට යටත්වීම ප්‍රතික්ෂේප කළ ඔවුන්ගේ පවුල් සමග සහයෝගිතාව පළකර සිටින්නෙමු.
අපගේ ඉල්ලීම්,
⛔ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියලු පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය (ICPPED) වහාම අත්සන් කිරීම, අනුමත කිරීම සහ ක්‍රියාත්මක කරීම.
⛔ පකිස්ථාන දණ්ඩ නීති සංග්‍රහය යටතේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම අපරාධයක් ලෙස සැලකීමට දේශීය නීතිය සංශෝධනය කිරීම.
⛔ මසූඩ් ජන්ජුවා සහ ෆයිසාල් ෆරාස්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීම.
⛔ වගකිවයුත්තන්ට ඔවුන්ගේ තනතුර හෝ තරාතිරම කුමක් වුවත් නඩු පැවරීම.
⛔ බලපෑමට ලක් වූ සියලුම පවුල් සඳහා වන්දි, පුනරුත්ථාපනය සහ පූර්ණ සහයෝගය සහතික කිරීම.
ඇතුළත් සම්පූර්ණ ඒකාබද්ධ ප්‍රකාශය මේ සමග පළ කරන්නෙමු.