National June 21, 2025

මහා පරිමාණ අපරාධවලට යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය අපෝසත් වී ඇත

Share

මහා පරිමාණ අපරාධවලට යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය අපෝසත් වී ඇත". UN නිගමනය වෙනස් කිරීමට අලුත් රජයත් සූදානම් නැද්ද?
ජිනීවා මානව හිමිකම් සමුළුවට තව ඇත්තේ මාස 3ක් වැනි කෙටි කාලයක්, ඒ වන විට අලුත් ආණ්ඩුව පත්වී අවුරුද්දකට ආසන්න වනවා.
පහුගිය සෑම වසරකම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ ජිනීවා මානව හිමිකම් වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සදහන් වුණේ මෙවැන්නක්,
"අතීත අපරාදයන් සහ මහා පරිමාණ මනුෂ්‍ය ඝා$තන සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය දිගින් දිගටම අපෝසත් වී ඇත"
ලංකාවේ බලහත්කාරී අතුරුදහන් කිරීම්වලට වගේම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළි කිරීම, අපරාදකරුවන්ට දඩුවම් ලබාදීම සහ වින්දිතයින්ට, ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් ද හරිහමන් විසදුමක් නැතිව මේ ගෙවෙන්නේ හයවෙනි වසරයි. පහුගිය ආණ්ඩු අපරාදකරුවන් ආරක්ෂා කළා මිසෙක මෙම ප්‍රහාරය ගැන සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම පවා දැනෙන යමක් සිදු කිරීමට අපෝසත් වුණා.
අලුත් ආණ්ඩුවට ලැබුණු ජන වරමේ ප්‍රධාන අභිලාෂයක් වූණේ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීම වුණත්, පරීක්ෂණ අලුත් වටයකින් ආරම්භ කරීමට අතගැසුවා මිසෙක එහි ප්‍රගතිය පිළිබද තහවුරුවක් ලබා දීමට තවමත් හැකිවී නැත. එසේනම් අලුත් ආණ්ඩුවට, පැතූ වෙනසට අවුරුද්දක් ගතවන තැන නැවත, එක්සත් ජාතීන්ටද කීමට සිදුවන්නේ,
අතීත අපරාද සහ මහා පරිමාණ මනුෂ්‍ය ඝා%තනව$ලට යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාවේ නව රජයද අපෝසත් වී ඇත' යනුවෙනි.
එය එසේ වනවාට ඔබ කැමතිද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *