වධහිංසාවට ලක්වූවන්ගේ එකතුවේ නියෝජිත පිරිසක් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර සාකච්ජාවක්..
වධහිංසාවට ලක්වූවන්ගේ එකතුවේ නියෝජිත පිරිසක් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර සාකච්ජාවක්..
මෙම සාකච්ජාව සිදුවුණේ පසුගිය ජුලි 22 වෙනිදා පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී. 1987-93 කාල වකවානුවෙදී ආරක්ෂක අංශ විසින් සිදුකළ පැහැරගැනීම් සහ රදවාගැනීම්වලදී,
1) වධබන්ධනවලට ලක්වූවන්ගේ තොරතුරු ඇතුළත් රජයේ නිල ලේඛණයක් සකස් කිරීම.
2) වින්දිතයින්ට සාධාරණ වන්දි මුදලක් ලබාදීම.
3) එවකට පැවති සියලුම වදකදවුරු පිළිබදව පරීක්ෂණයක් සිදු කිරීම සහ එයට සම්බන්ධ වගකිවයුත්තන් හදුනාගෙන නීතිය හමුවට පැමිණවීම.
වධහිංසාවට ලක්වූවන්ගේ එකතුවේ මෙම ප්‍රධාන ඉල්ලීම් තුන ක්‍රියාවට නැංවීම සදහා ජාතික ජන බලවේගය රජයේ අවදානය යොමු කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජාවට ලක් කෙරුණි.