National June 12, 2025

එක්නැලිගොඩ පැහැරගෙනගොස්, ඝාතනයකර, අතුරුදහන් කිරීම සම්බන්ධයෙන්

Share

2010 ජනවාරි 24 වෙනිදා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙනගොස්, ඝාතනයකර, අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ලැබ තිබෙන ශ්‍රී ලංකා යුධ හමුදාවේ බුද්ධි අංශ නිලධාරින් 10 දෙනා අතර සිටින යුධ හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර් ශම්මි කුමාරරත්න ජුනි 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ එම නඩුවේ සාක්ෂිකරුවකු වන සුරේෂ් කුමාර නැමැත්තාට දුර්කතනය ඔස්සේ තර්ජනය කිරීමේ චෝදනාව මතයි.
අද (12) ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ශම්මි කුමාරරත්න මෙලෙස බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර ජුලි 10 වන දින කැදවීමට නියමිත එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල අධිකරණයේ නඩුවට ඔහුව ඉදිරිපත් කරවන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝගකර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *