තාත්තේ..,
අතුරුදහන් කිරීමක වේදනාව අතුරුදහන් ආදරණීයයාට නොවේ, යුක්තියක් නැතිව මියැදෙන්න වුණු මවු පියවරුන්ටයි.
විතාන කංකානමලාගේ ආරියදාස, තවත් එක් තාත්තෙක් නෙවේ. ජීවිතයේ ප්රාණ සම, තමන්ගේ පණටත් වඩා වටින පුතෙකුගේ තාත්තෙක්. තමන්ගෙන් උදුරාගෙන ගිය පුතුට යුක්තිය සොයා ගිය දහසක් පියවරු අතර යුක්තියක් නොදැක අපෙන් සමුගත් ගම්පහ, මාකිලංගමුවේ තාත්තා කෙනෙක්.
පුතා, සුමිත් ප්රසන්න. 1989 නොවැම්බර් 17, බලහත්කාරයෙන් අතුරුදහන් කළා. ආරියදාස, තම පුතා වෙනුවෙනුත්, එවන් පුතාලා සිය දහස් ගණනකගේ යුක්තිය වෙනුවෙනුත් දීර්ඝ කාලයක සිට අතුරුදහන් පවුල් එකතුවේ වුණ් තත්තා කෙනෙක්. ගොවිතැන් බතක් කරමින් ජීවත් වූ ආරියදාස තාත්තා ගොවි සමිති ක්රියාකාරිකයෙක්.
අවුරුදු 81ක්, ඉන් වසර 35ක් පොරබැදුවේ සුමිත්ගේ අතුරුදහන් කිරීමේ වේදනාවෙන් වගේම යුක්තිය ගැන අවිනිශ්චිත බලාපොරොත්තුවෙන්.
තාත්තේ..,
අද වගේම
හෙටත් ඔබ ඉන්නවා
සටන් කරන මේ
හදවත් අස්සේ.
සුබ ගමන්..!