National June 19, 2025

තරුණයකු අත්අඩංගුවට ගෙන, පහර දී, කෲ&ර සහ අමානුෂික වධබන්ධනයට ලක්කිරීම සම්බන්ධයෙන්

Share

තරුණයකු අත්අඩංගුවට ගෙන, පහර දී, කෲ&ර සහ අමානුෂික වධබන්ධනයට ලක්කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරින් දෙදෙනෙකුට එම තරුණයා හට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

එම තරුණයා විසින් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර තිබුණේ 2019 වසරේ ඌරගස් මංහන්දියේ ස්ථානාධිපති සහ අපරාධ අංශයේ ස්ථානාධිපති යන වගඋත්තරකරුවන් දෙදෙනාට එරෙහිවයි.

මෙම පෙත්සමේ තීන්දුව ලබා දෙමින් ව%ධහිං@සාවට ලක්වූ අදාළ තරුණයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් සහ නඩු ගාස්තු ද ගෙවන ලෙසත්, මාස 6ක් තුළ ගෙවීම සම්පූර්ණ කළ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් වූ පොලිස් නිලධාරින් දෙදෙනාට නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *